දැක්ම
විශිෂ්ට රාජ්‍ය සේවයක් තුළින් තිරසර සංවර්ධනයක් කරා.....මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත්,කාර්යක්ෂම තිරසර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.
ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය හා සැබැඳි තොරතුරු
ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ භෞතිකමය හා පරිපාලනමය වශයෙන් පහත සදහන් ප්‍රදේශ වලින් මායිම් වී ඇත.
උතුර - කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
නැගෙනහිර - ත්‍රිකුණාමලය දිස්ත්‍රීක් මායිම
බටහිර - මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
දකුණින් - කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සතු බිම් ප්‍රමාණය දළ වශයෙන් වර්ග කිලෝමීටර 332.00 ක් වන අතර පැරණිතම ගොවි ජනපද ව්‍යාපාරවලින් එකක් වන 1953 අග්‍රාමාත්‍ය D.S.සේනානායක මැතිතුමා අාරම්භ කරන ලද හුරුළුවැව ගොවි ජනපද ව්‍යාපාරය මෙම කොට්ඨාසයට අයත් වේ. මෙහි ප්‍රධාන නගරය ගලෙන්බිදුණුවැව වන අතර මෑත කාලය වන විට දුටුවැව සහ යකල්ල සුළු නඟර ලෙස වර්ධනය වී ඇත. ගලෙන්බිදුණුවැව නගරය අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර 42ක් දුරින් පිහිටා ඇත. ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලෙකම් කාර්යාලය ප්‍රදේශයේ පවතින පරිපාලන ආයතනයක් ලෙස මුලින්ම ආරම්භ වන්නේ නඟරය මධ්‍යයයේ ඇති කුඩා ගොඩනැගිල්ලක් තුළය. ඉන් අනතුරුව 70 දශකයේ මුල් භාගයේ නව පරිපාලන ගොඩනැගිල්ලක් ලෙසට අද පවතින පැරැණි ගොඩනැගිල්ල තුළ සියලු කටයුතු සිදුකරගෙන ගොස් පවති.ඉන් අනතුරුව මෑත කාලයේ දි වර්තමානයේ පවතින තට්ටු දෙකක් සහිත ගොඩනැගිල්ල ඉදිකර ඒ තුළ කාර්යාල කටයුතු පවත්වාගෙන යයි.
1975 සිට රාජකාරි කළ ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ තොරතුරු
| නම | සිට | දක්වා |
| ඩබ්.ගුණරත්න | 1975 | 1980 |
| සිරිපාල කනේවෙල | 1980 | 1987 |
| ඒ.එම්.ඩබ්.ඒ. අමුණුගම | 1988 | 1990 |
| එම්.ජයතිලක | 1990 | 1992 |
| සුනිල් තිලකරත්න | 1992 | 1994 |
| ඒ.එන් ද සොයිසා | 1994 | 1995 |
| කේ. කරුණාතිලක | 1995 | 1996 |
| එච්.ආර්. සිරිලාල්(වැ.බ.) | 1996.06.12 | - |
| එම්.ඩි. ගුණවංශ | 1996.11.1 | 2001.05.30 |
| ඊ.එම්.එන්. ඒකනායක | 2001.10.24 | 2003.09.26 |
| ඒ.එම්.ඩබ්.ඒ. අමුණුගම | 2003.09.27 | 2006.02.20 |
| පි.ඩි.එල්. ගුණරත්න | 2006.02.28 | 2013.02.04 |
| එච්.එන්.ආර්. නිශාන්ත(වැ.බ.) | 2013.02.05 | 2013.03.06 |
| මාග්‍රට් පි. කුඹුරගේ | 2013.03.06 | 2019.03.01 |
| ජි.එම්.කේ.ආර් ප්‍රියදර්ශන | 2019.06.14 | මේ දක්වා |














