සමෘද්ධී සංවර්ධන වැඩසටහන්,ගලෙන්බිඳුණුවැව - 2018
සමාජ ආරක්ෂණ අංශය
සමෘද්ධි ප්‍රතිලාභි පවුලක සිදුවන මරණයකදී, විවාහයකදී රෝහල් ගතවීමකදී, දරු උපතකදී, සහ ප්රතිලාභ ලබන පවුල්වල දරුවන් අ.පො.ස. (උසස් පෙළ) හදාරන විටකදී මාස 24ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දෙමින්, පවුල ආර්ථික වශයෙන් පහත් මට්ටමකට ඇද වැටීම වලක්වාලීමේ අරමුණින් සිදු කෙරෙන ආරක්ෂණ වැඩසටහන් සඳහා, සෑම ප්රතිලාභියකුම දායක කරගනු ලැබේ.
සමාජ සංවර්ධන අංශය
-
මත් ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණය
-
ළමා සමාජ නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
-
ආගමික ස්ථාන වටා ප්‍රජාව රැස් කිරිම තුළින් ඔවුන් ප්‍රතිපත්ති පුජාවන් සඳහා යොමු කිරිම හා ආගමික ශ්‍රද්ධාව හා ප්‍රඥාව වර්ධනය කිරිම.
-
ආගමික ස්ථානවල, පොදු ස්ථානවල හා ගෘහ ආශ්‍රිතව ශ්‍රමදාන, ඔසු උයන්, පරිසර හිතකාමී ගෙවතු ඇති කිරීම,පොදු දේපල සුරැකීමට හා දෙශියත්වයට හුරු කිරිම.
-
දහම් පාසල් අධ්‍යාපනය සඳහා දරුවන් යොමු කිරීම හා සෑම ආගමික ස්ථානයකම දහම් පාසල් සංවර්ධනය කිරිම.
- ගම්මාන මට්මින් ළමා, තරුණ, වැඩිහිටි ප්‍රජාවෙග් ආකල්ප සංවර්ධනය හා සෞන්දර්යයාත්මක රසාස්වාදය දියුණු කිරිම.
-
ළමා සමාජ නායකත්ව පුහුණුව(ප්‍රතිලාභින් සංඛ්‍යාව - 119)
-
මත් ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණය,සතුටු පවුල් හා ගෘහ කළමණාකරණය (ප්‍රතිලාභින් සංඛ්‍යාව - 106)
-
උපදේශන වැඩසටහන් (ප්‍රතිලාභින් සංඛ්‍යාව - 83)
පරිසර සංවර්ධන අංශය
-
සමෘද්ධි කැකුළු ළමා සමාජ හා සංස්කෘතික වැඩ සටහන (ප්‍රතිලාභින් සංඛ්‍යාව - 443)
- "දිරිය පියස" නිවාස වැඩසටහන (ප්‍රතිලාභින් සංඛ්‍යාව - 01)
අඩු ආදායම් ලාභි, නිවසක් අහිමි සෑම පවුලක් උදෙසාම නිවසක් ලබාදීම අරමුණු කරගනිමින් දිවිනැගුම වැඩසටහන තුළ ඉතා ආකර්ශනීය වැඩසටහනක් ලෙස දිරිය පියස නිවාස වැඩසටහන ක්‍රියාත්මක වේ. ඉඩමක් හිමි එහෙත් නිවසක් තනා ගැනීමට නොහැකි වී ඇති පවුල්වලට මෙම හිමිකම ලබා දේ. මෙහදී විශේෂයෙන් පවුලේ සාමාජිකයන් වැඩි , එසේම පාසල් යන වයසේ ගැහැණු දරුවන් සිටින වයස්ගත දෙමාපියන් රැක බලාගන්නා පවුල් සඳහා ද ආබාධිත දෙමාපියන්, සහෝදරයන් ඇති පවුල්, ප්‍රධාන උපයන්නා මියගිය හෝ ආබාධිත වැඩිහිටි දරුවන් ඇති පවුල්, දෙමාපියන් අහිමි, භාරකරුවන් ගෙස ආච්චි හෝ සීයා ලඟ යැපෙන පාසැල් යන දරුවන් ඇති පවුල් සඳහා සහ අඩක් නිම කර වසර ගණනාවක් පසු වීත් ද ගොඩ නඟා ගත නොහැකි නිවාස කෙරේ වැඩි අවධානයක් යොමු කර ඇත.
ව්‍යවසාය සංවර්ධන වැඩසටහන
-
අලෙවි යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ප්‍රතිලාභින් සංඛ්‍යාව - 04)
-
පුහුණු වැඩසටහන් (ප්‍රතිලාභින් සංඛ්‍යාව - 83)
-
නව ව්‍යවසායකයින් හඳුන්වා දීමේ පුහුණු වැඩසටහන
-
අලෙවි මධ්‍යස්ථාන ඉදිකිරිම
-
බොජුන් හල් ආශ්රිත ආහාර තාක්ෂණ පුහුණු වැඩසටහන
-
විශේෂ ව්‍යාපෘති වැඩසටහන්
-
වෙළද ප්‍රදර්ශන පැවැත්වීම (ප්‍රතිලාභින් සංඛ්‍යාව - 29)














